ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතාව පත් කර තිබේ.

නිවට බියගුලු නායකයින් සමඟ වැඩ කිරීමට නොහැකි බැවින් තමන් ඉන් ඉවත්ව ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ රටට නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් එය ඉටු කිරීමට හැකි එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ පමණක් බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසිය.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිින(05) පස්වරුවේ විවෘත කෙරිණ.

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු දිවයිනට පැමිණියේ ය.

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ld add copy

Connet With Us