අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි රැගෙන එන ලදි.
ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ගෑස් සිලින්ඩරය සලකුණ තෝරාගත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.
අද සියලු දෙනාටම ජන්දය ඉල්ලන්න හැකි තත්ත්වයට රටක් ගොඩනැගුණේ රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණව ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම නිසා බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා තිබේ
ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
පැරණි රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට පියවර
2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන ඇත.
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ.
ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් තිස් පන්දහසකට ජනාධිපති මන්දිරය නැරඹීමට අවස්ථාව ලබා දීලා
පාසල් දරුවන් තිස් පන්දහසක පමණ පිරිසක් පසුගිය වසර දෙක තුළ ජනාධිපති මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ජනාධිපති කාර්යාලය, වරාය නගරය, මහ බැංකුව, පාර්ලිමේන්තුව, නෙළුම කුළුණ ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් සහිත ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් ගැන බන්දුලගෙන් පැහැදිලිකිරීමක්
රාජ්‍ය සේවක දැවැන්ත වැටුප් වැඩිවීමට එරෙහි ප්‍රචාරණයන් පිලිබඳ රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.