කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපේක්ෂිත සහල් බහාලුම් 2,500 න් පසුගිය සිකුරාදා (13 වැනිදා) සවස් වන විට ආනයනය කර ඇත්තේ බහාලුම් 75 ක් පමණක් බව කොළඹ වරායේ තොරතුරු සඳහන් කරයි. සහල් ආනයනය සඳහා පැවැති සීමා රජය ඉවත් කළේ මේ මස 20 වැනිදා තෙක්ය.

ඉන්දු - ලංකා ධීවර ගැටලුව මිත්‍රශීලීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට දෙරටේ නියෝජිතයින් එකඟතාවයකට පැමිණ තිබේ.

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියළුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර ඇත.

රිලවුන්‌ මෙරටට අයත්‌ දූපත්‌ වලට ගෙන ගොස්‌ දැමීම සම්බන්ධයෙන්‌ ව්‍යාපෘති වාර්තාවක්‌ සකස්‌ කර තිබෙන බව කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත්‌ සහ ඉඩම්‌ අමාත්‍ය ලාල්‌ කාන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 03 ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ld add copy

Connet With Us