ජනාධිපතිවරණයේ ප්‍රථිපල යළි අරගලයක් ඇතිවීමට බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබේ. 

මෙරට මිලියන හතරකට ආසන්න අවිධිමත් අංශයේ සේවකයන් කඩිනමින් විධිමත් අංශයට අන්තර්ග්‍රහණය කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි.

සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවට බලපාන කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවීම සහ පුළුල් වන රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා ලබාගැනීම පිළිබඳ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ සිංගප්පූරුවේ මිනිස් බල ඇමැති, වෙළෙඳ හා කර්මාන්ත දෙවන ඇමැති, ආචාර්ය ටැන් සී ලෙංග් මහත්වරුන් අතර පසුගියදා (18) පැවති හමුවකදී අවධානය යොමු කෙරිණි.

රට ගොඩනැඟීමට තමාට සහාය ලබා දෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගෙන් බවද  එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම්  රැස්වීමේදී පැවසීය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී  සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබූහ.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us