මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ.

දිස්ත්‍රික්ක 19ක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයන්ගේ හමුවක් පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (01 වැනිදා ) පැවැත්විණි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතට ඉදිරිපත් කෙරෙන සංශෝධන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අද (02) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

සුරක්ෂා සිසු රක්ෂණය අද(01) සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.

ජනාධිපතිවරණයෙන් පසුව ද දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු යැයි ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා පවසයි.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us