මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් වසා තැබීමට තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.

මහා මාර්ගවල රථවාහන රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට මාසික දීමනාව වශයෙන් ගෙවූ රුපියල් එක්දහස් හයසියක මුදල රුපියල් හයදහස දක්වා ඉහළ දමමින් නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබෙනවා.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, බදුල්ලේ සිට කොළඹ බලා ධාවනයවු දුම්රියක් තලවාකැලේ සහ වටගොඩ අතරදී පීලි පැනීම හේතුවෙන් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ බාධා මතුවූ බවයි.

අදත් වැස්ස

Published in පුවත්
Friday, 14 June 2024 07:45

අද (14) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබෙනවා.

ld add copy

Connet With Us