කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසු රට ලෙස ශ්‍රී ලංකාව පළමු තැනට
කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෞද්ගලික අංශයට බදු දීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
‘‘අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු ’’ මෙවර වෙසක් තේමාවයි
රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති දෙකකට වැඩි කාලයක් නිවාඩු ලබාදි ඇත
කොළඹ නගරයේ ගොඩනැඟිලි සැලසුම් අනුමත කිරීම Online මගින්...
(Online Planning Approval and Clearance) ගොඩනැඟිලි සැලසුම් සහ මිනින්දෝරු සැලසුම් අනුමත කිරීමේ නව වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.
මේ වන විට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.