අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින්‌ තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන්‌ එම වන අලියා මියගොස්‌ ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන්‌ පවසයි.

ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වී තිබු අතර මේ වන විට එම විමර්ශන ආරම්භ වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

දේශීයව නිෂ්පාදනය වන ලුණු මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට අලෙවි විය හැකි බවත් එතෙක් තවදුරටත් මිල ඉහල යාමකින් තොරව මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට ලුණු නිෂ්පාදකයන් එකඟතාව පල කරණ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ.

ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ld add copy

Latest News

Connet With Us