දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර අටේ සිට සැලකිය යුතු කාලයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බස්නාහිර පළාතේ බස් කොන්දොස්තරවරුන්ගේ සේවය අත්හිටුවීමට පියවරගෙන ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

නව නියාමන ක්‍රමවේදයක් යටතේ සමාගම් කිහිපයකට පමණක් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය සඳහා අවස්ථාව ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය හේතුවෙන් දේශීය කුළුබඩු වෙළෙඳපොළ බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් තත්ත්වයෙන් බාල නිෂ්පාදන මෙරට කුළුබඩු සමග මිශ්‍රකර අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වීමේ ඉඩකඩ වැඩි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට මෙම වසරේ ගතවූ කාලයේදි මානසික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් දාසයදහස් දෙසිය අනූඅටක් (16,298) ලැබී ඇතැයි එම ආයතනය සඳහන් කරයි.

ඊට සමගාමී ව දිවයින පුරා පිහිටි සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ.

සමලිංගික සංචාරකයින් කැඳවීම ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ld add copy

Connet With Us