අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණය හිමිනොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසා සිටියි. 

පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. 

දුම්රිය ගමන් වාර 12ක් පමණ අද (18) දිනයේත් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත්‌ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමග සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (17) නියම කළේය.

අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us