දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව බැහැර වන බව නාගරික සනීපාරක්‍ෂක අංශ පවසයි.

යාපනයේ, චුන්නාගම් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයෙන් දිනකට එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් පන්සීයක් නිපදවීමට සූදානම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි යාපනය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ.

අල්ලස් කොමිසම වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

2030 වසර වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් ඊයේ (15) දක්නට ලැබුණි

මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසීය.

ld add copy

Connet With Us