මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහව ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත ලැබුණු දුරකතන ඇමතුමක් ලැබී තිබේ.

දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල ඊයේ (15 වැනිදා) දිනයේදී රුපියල් 3000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල මූලික අදියර අවසන්ව ඇති බව වාර්තා වේ.

හැකි තරම් ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසීය.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ අවාසනාවන්ත පුවතක් වාර්තා විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ld add copy

Connet With Us