ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින්  මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.

ගොවියන්ට පහසුකම් !

Published in පුවත්
Wednesday, 15 November 2023 11:31

අප රටේ සියලු ගොවිජන මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණික කේන්ද්‍රස්ථාණ බවට පත් කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  (13)  දා ඉදිරිපත් කළ අයවැය යෝජනාවල දී ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වනවිට උප ව්‍යාපෘති 8ක් නිමකර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

 

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සඳහා විසඳුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර (Self Check - in) 08ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් (Bag Drop) ඊයේ (14දා) උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී පැවැත්විණි.

පසුගිය වසරේ අයවැය යෝජනාවත් හරිහැටි සම්පූර්ණ කරගත නොහැකි තත්ත්වයක් තුළ මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවත් එය ජනතාවගේ පැත්තෙන් අවාසිදායක අයවැයක් බවත් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් ඊයේ හමුවූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත.

ld add copy

Connet With Us