ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් සමඟ වන සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ නායකයන්ට කළ ආරාධනය අනුව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් ඇති බව කාලගුණ අංශ පවසයි.

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට යෝජනා හයක් ලැබී ඇති බව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් සංවිධානය කරන ලද 'න්‍යෂ්ටික බලශක්තියේ විභවය සහ ශ්‍රී ලංකාවේ එහි අභියෝග' යන මැයෙන් මෑතකදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ (SLAEB) සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පැවසීය.

මෑතකදී සිදු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම අනුමත කරන බව ලංකා බැංකු සේවක සංගමය (CBEU) පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ ඉදිරි ක්‍රියාවලිය සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

2024 වර්ෂයේ 'කාන්තා ආයෝජන හරහා වේගවත් ප්‍රගතියක්' යන බලගතු තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට කටයුතු කරන අප, කාන්තාවන්ගේ අතිමහත් දායකත්වය පිළිගන්නවා පමණක් නොව, සමාජය ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන් ඉටු කරනා ප්‍රධාන කාර්යභාරයන් පිළිබඳව සෑහීමකට පත්වනවා පමණක් නොව එය ඉතා ඉහළින් අගය කල යුතුව ඇත.

ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මාධ්‍යවේදිනියක් මෙන්ම අති විශිිෂ්ට  ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවකි.

ld add copy

Connet With Us