ශ්‍රී ලංකා රජය සතු රාජ්‍ය ව්‍යවසාය ආයතනයක් වන ලංකා කෝල් ලිමිටඩ් විසින් මෙරටට ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ජාත්‍යන්තරයේ සම්බාධක පනවා ඇති ගල් අඟුරු සපයන ඩුබායි හි පිහිටි සමාගමක් වන Black Sand Commodities FZ LLC වෙත පවරා දී ඇත. ජාත්‍යන්තරයේ සම්බාධක පනවා තිබියදීත් ඒ දැන දැනම මෙම කොන්ත්‍රාත්තුව පිරිණැමීම ඉතාමත් මෑත කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අවදානමට ලක් කිරීමේ අපරාධයක් ලෙස සැලකිය හැකිය.

මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ සංචාරක පැමිණීම වැඩිවීමත් සමඟ ආදායම ඩොලර් මිලියන 687.5 ක් දක්වා ඉහළ යෑම සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නවතම විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමේ අංග සම්පූර්ණ කර්මාන්ත ශාලාවක් මරදාන දුම්රිය දෙපාර්තමේන්තු ගබඩා පරිශ්‍රයේ දී විවෘත කෙරිණි. එය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වසරේ පළමු මාස දෙක තුළ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම ඩොලර් මිලියන 963.7 දක්වා 14.1% කින් ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත අනාවරණය කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබේ.

අද (11) දිනයේ නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

සමාගම් 1,000 කට ආසන්න සංඛ්‍යාවකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මාස හයක් තුළ ගෙවන ලෙස නොතීසි නිකුත් කර ඇති බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.

ld add copy

Connet With Us