විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපුවෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් වංචා විමර්ශන ඒකකය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

හියුමන් ඉමියුනොග්ලොබින් කුප්පි පනස්හයදාහක් තිබියදීත් රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වැය කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු සැකකරුවන් එන්නත් කුප්පි ගෙන්වමින් පොදු දේපොළ පනතේ වරදක් සිදුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළාය.

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

අද (28) දිනයේ වරාය තුළ ආරම්‍භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පැවැති යුධ තත්වයන් හා වෙනත් හේතුන් මත ජනතාවට අහිමි වු තමන්ගේ උරුම භූමි වූ ගම්මාන යළි එම ජනතාව සන්තක කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ අනුව කැළෑබද වී තිබෙන එම ගම්මාන යළි 1985 සිතියම අනුව ගම්මානවල වල පදිංචිව සිටි ජනතාවට ලබාදීමට සහ එම ඉඩම් අයිතිය පැවැරීම සිදුකිරීමට නියමිතය. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි. 

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසයි.

ld add copy

ක්‍රීඩා

Connet With Us