සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

බස්නාහිර පළාතේ පාතාල මර්දන මෙහෙයුම් සඳහා යෙදවීමට පිස්තෝල කණ්ඩායම්වලින් සමන්විත විශේෂ පොලිස් යතුරු පැදි බළකායක් මේ දිනවල විශේෂ පුහුණුවීම්වල නිරතවන බව වාර්තාවේ.

මෙවර පැවැත්වෙන අලුත්‌ අවුරැදු උත්සවයන්හිදී, ආබාධ සහිත පුද්ගලයන්‌ පිළිබඳ සමාජය තුළ පවතින වෙනස් කොට සැලකීමේ මනුෂ්‍යත්වයට නොගැලපෙන භාවිතයන් පිළිබඳ 'සංකල්පමය වෙනසක්‌ ඇති කිරීම වෙනුවෙන්‌ සමාජ සවිබලගැන්වීම්‌ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්‌ මහතා මැදිහත්ව තිබේ.

පසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73,000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යාමකි.

නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

එන්ජින් ධාරිතාව 450 ඉක්මවූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

ld add copy

Connet With Us