හිටපු ඇමති විමල් ට පාචනය

Published in පුවත්
Friday, 01 March 2024 11:20

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

මෙලෙස මහාධිකරණයට දැනුම් දී ඇත්තේ රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ලවී ඇති නඩුවක් සම්බන්ධයෙනි.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ  ඉදිරියේ කැඳවූ අතර එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අධිකරණයේ පෙනී සිට නැත.

කෙසේ වෙතත් ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ විත්තිකරු රෝගී තත්ත්වයින් පසුවන බවත් ඒ බව සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත්ය.

එම වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි, විත්තිකරු උණ, වමනය හා පාචනය යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඔහුට අද දින සිට දින හතක නිවාඩුවක් ලබා දෙන ලෙස වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව සඳහන් වෙයි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us