හරිත දේශයක් !

Published in පුවත්
Thursday, 09 December 2021 14:50

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ බව කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

යහපාලන සමයේදී 2015 -2019 කාලය තුළ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල්වලින් දේශපාලන හිතවත්කම්වලට දුන් ණය මුදල්වලින් රුපියල් හාරකෝටි දස ලක්ෂයකට (මිලියන 41.4 ) ආසන්න මුදලක් තවමත් අය කර ගෙන නැතැයි රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කර තිබේ.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ වුණා. මංගල ගුවන් යානය අද අලුයම කටුණායක ගුවන් තොටුපොළට පැමිණියා.

බන්ධනාගාර රැඳවියන් හා සිරකරුවන් මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සදහා ඉදිරිපත් කිරිමත් ,අමුත්තන් මුණගැසීම ඇතුළු සේවා රැසක් සදහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ වැඩසටහනක් ආරම්බ කිරීමට පියවර ගැනේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (06) දින උපදෙස් දී තිබේ.

සංවර්ධනයේ මාවත....

Published in පුවත්
Tuesday, 07 December 2021 10:30

ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා “ඔබට ගෙයක්-රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ 2024 වර්ෂය වනවිට නිවාස 71,110ක් ඉදිකිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

ld add copy

Connet With Us