Ravana Pool Club ජාත්‍යන්තර සම්මාන දිනයි Featured

Published in පුවත්
Tuesday, 20 February 2024 13:12

Ravana Pool Club, Ella Sri Lanka සිය සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ග්‍රීසියේ ඇතැන්ස් හී දී 8 වෙනි වරටත් පැවැත්වූ, World Luxury Awards. සම්මාන උළලේදී කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය.

මේ වන විට ගෝලීයව විශිෂ්ටත්වයක් හිමිකරගෙන සිටින, ලෝ ප්‍රකට 98 Acres Resort & Spa සමග අනුබද්ධ ආයතනයක් වන මෙම Ravana Pool Club, සිය ආගන්තුක සත්කාරයන් සහ ඔවුන් සතු අසමසම ආගන්තුක අත්දැකීම්වල සුවිශේෂීත්වය මේ තුළින් විදහා දැක්වීය.

මෙහිදී Ravana Pool Club ආසියානු මහද්වීපයේ හොඳම සුඛෝපබෝගී විනෝදාස්වාද අවන්හල (Best Luxury Entertainment Restaurant – Asian Continent) , නිරිත දිග ආසියාතික කලාපයේ හොඳම පරිදර්ශක දසුන් සහිත ස්ථානය (Best Panoramic Views in the Region – South West Asia), සහ නිරිත දිග ආසියාතික කලාපයේ හොදම සහ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පය සහිත අවන්හල (Best Outstanding Architecture in the Region – South West Asia) යන අංශ සදහා සම්මාන ත්‍රිත්වය දිනා ගන්නා ලදී.

World Luxury Awards සම්මාන උළලේ ලබාගත් මෙම ත්‍රිත්ව ජයග්‍රහණයන්, Ravana Pool Club සුඛෝපභෝගී විනෝදාස්වාදයේ කලාපීය ප්‍රමුඛයා බවට පත් කර ඇත. එලෙසම මෙම විශිෂ්ට ජයග්‍රහණ තුළින් Ravana Pool Club සිය පාරිභෝගිකයින්ට අසමසම අත්දැකීම් ලබා දෙන ස්ථානයක් හා වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වයක් අපේක්ෂා කරන අය පැමිණිය යුතු ම ස්ථානයක් බවට තව දුරටත් තරවුරු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් Ravana Pool Club හි හිමිකරුවන් වන අබේරත්න සහ සහෝදරයන් ප්‍රකාශ කර සිටියේ, “මෙම සම්මානයන් දිනා ගැනීමට සමත් වීම, අපට ගෞරවයක් සහ නිහිතමානී සතුටක් ලබා දෙනවා. මෙම සම්මනයන් අපගේ කැපවීමේ සහ අප විසින් ලබා දෙන්නා වූ සේවාවන්වල පිළිඹිබුවක්. අපගේ ගනුදෙනුකරුවන්ට සහ අපගේ කණ්ඩායමට, ඔවුන්ගේ කැපවීම සඳහා අපි අපගේ කෘතඥතාව පුද කරනවා. අපගේ පාරිභෝගිකයින්ට අද්විතීය අත්දැකීම් නිර්මාණය කිරීමට අපගේ කැපවීම නොවෙනස්ව පවතින අතර, සෑම සංචාරයකදීම අසාමාන්‍ය අත්දැකීමක් ලබා ගැනීමට අප හා එක්වන ලෙස අපි ආරාධනා කරනවා” යනුවෙනි.

download 2

567890

 66777778

 

Last modified on Tuesday, 20 February 2024 13:16

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us