චීන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී චීන නෞකා 50ක් මෙරටට

Published in පුවත්
Tuesday, 20 February 2024 13:04

චීන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී මගී නෞකා 50ක් පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙම නෞකා අතරින් බොහෝමයක් කොළඹ වරාය වෙත පැමිණෙනු ඇති බවත්, තවත් නෞකා කිහිපයක් හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්හි නැංගුරම් දමනු ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරීෆෝ ඩීන් පැවසූ බව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත පසුගියදා සඳහන් කර තිබේ.

මෙහිදී පැමිණෙන මෙම එක් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් තුළ මගීන් 1000ක් පමණ සිටින බවත්, එක් නෞකාවක් මෙරට වරායන්හි දින දෙකක කාලයක් නැංගුරම් ලා තැබීමට බලාපොරොත්තු වන බවත් පැවසෙයි. ඒ අනුව මෙම සුඛෝපභෝගී මගී නෞකා මෙහෙයුම් හරහා මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුව වී තිබේ.

මේ වසරේ පෙබරවාරි 16 වැනිදා වනවිට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 350,000ක් ඉක්මවා තිබේ. ඉදිරියේදී එය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂාව වී ඇත.එසේම ජනවාරි මාසයේදී සංචාරකයන් 208,253ක් මෙරටට පැමිණ ඇත.

2023 වසරේදී මෙරට වෙත සංචාරකයන් ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් මෙරට වෙත පැමිණ ඇති අතර මේ වසරේදී එය ලක්ෂ 25ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us