කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම

සමීක්ෂණයකින් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

යාපනය නගරයේ ගොඩනැගිල්ලක පිහිටි වෙළෙඳසැල් තුනක අද (28) අළුයම් කාලයේ දී හදිසි ගින්නක්  හටගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පියෙකු  මෙන්ම ජනප්‍රිය තීරු ලිපි රචකයෙකු වූ හරිත් ගුණවර්ධන අද (28) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ස්ථාවර මට්ටමකට පත් වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ගොවීන් ට ලබා දීම සදහා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක තොගයක් භාවිතයට ගත නොහැකි වන ලෙස දිලීර වර්ධනයක් වී ඇති බව වාර්තා‌ වෙයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ දින (27) රට පුරා යුක්තිය මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ld add copy

Connet With Us