එළඹෙන 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි වසර 5ක කාලය තුළ ශ්‍රමිකයන් 345,150 දෙනකු සඳහා ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

සංශෝධිත මගී බස් ගාස්තු අගෝස්තු 9 අඟහරුවාදා සිට ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ දෙකෙහිම ප්‍රදර්ශනය කළ යුතු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පවසයි.

බත් පැකට්ටුවක මිල 10% ත් 15% ත් අතර අගයකින් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙයි.

ගෑස් මිළ අඩුවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

මීට අමතරව ප්ලේන්ටියක් සඳහා ද රුපියල් 30ක ස්ථීර මිලක් නියම කිරීමට තීරණය කර ඇති බව ද ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියි

කෙසේ වෙතත් බේකරි නිෂ්පාදන වල මිළ අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත.

මේ වන විට නිකුත්කර ඇති පොලිස් නිවේදනය අනුව ගෝල්ෆේස් හී සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සහ වගාවන් ඉවත්කර ගැනීමට අරගලයේ නිරත පාර්ශ්ව එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි .

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට එළැඹීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට යුරෝපා සංගමය සිය සහාය අඛණ්ඩව ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

ld add copy

Latest News

Connet With Us