දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ නගරයට පැමිණ සේවා කටයුතු සිදුකරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

ණය රැගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්නේ විදේශ විනිමය උපදවාලිය හැකි පිරිස බලගැන්වීම බවත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

නුගේගොඩ - කොහුවල මංසංදි ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් ලෙස හංගේරියානු රාජ්‍යයේ මූල්‍යාධාර මත ඉදිකෙරන කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිලවශයෙන් මුල්ගල තබා ආරම්භ කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ (Peter Szijiarto)ගේ ප්‍රධානත්වයෙන් අද දින කොහුවල මංසන්ධියේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව මේ වසරේ 5.5%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පවසයි.

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) අදියර 2 ඉදි කිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට ඊයේ (10) උපදෙස් දී ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර ඇතැයි පවසයි. එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමිවූ පළමු මාසය වීම විශේෂත්වයකි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙනවාද ? නැද්ද ? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බවට අභියාචනාධිකරණය නියම කළේය.

ld add copy

Connet With Us