කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙහි තෙවැනි මහලේ පවතින රසායනාගාරයේ වායුසමීකරණ පද්ධතිය නඩත්තු නොකිරීම නිසා රෝගීන් ආපසු හරවා යැවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

පිටකොටුව ස්ථාන තුනක ඇති ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ, බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පොළවල් කොටුව දුම්රිය ස්ථානයට යාබද කරමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යෑමට රජයේ අවධානය යොමුව තිබේ.

නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වනදා විවෘත කිරීමට නෙළුම් කුලුන පෞද්ගලික සමාගම තීරණය කර තිබේ.

''මෙම මාසයේ මැද භාගයේ දී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. නමුත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළහොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.'' යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

වැසි සමයත් සමඟ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර්බුදකාරී රට සඳහා ඩොලර් බිලියන 2.9 ක ඇපදීමේ දෙවන වාරිකය නිකුත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB)ඩොලර් මිලියන 600 ක් පමණ ලැබෙනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්ථා කරයි.

ලබන වසරේ ජනවාරි මස මැද වන විට පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත.

ld add copy

Latest News

දන්සැල් ලියාපදිංචිය අද සිට

දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිව...

Connet With Us