දකුණු අප්‍රිකාවේ පැතිර යන මාරාන්තික කොවිඩ් වයිරසය ශ්‍රී ලංකාවට පැමිණිම කිසිසේතම වැළැක්විය නොහැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජාන විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.

කොවිඩ් සඳහා ඖෂධ දෙකක් මිශ්‍ර කර ලබාදෙන ‘රීජන් කොව්’ මෙරටට ගෙන්වීමට ඊයේ (31 වැනිදා) අවසර ලබා දුන් බව ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තික කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට හැකිවෙතැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 360 සඳහා සීමාවන්ට යටත්ව එන්නත් නිකුත් කරන තත්ත්වයකදී ඉලක්ක ගත කණ්ඩායම්වලට වඩා දෛනිකව වැඩි පිරිසක් එන්නත්කරණයට පැමිණීම නිසා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකුට ‘ටොසිලිසුමාබ්’ නමැති එන්නත රුපියල් ලක්ෂ අටක් ගෙවා දෙමටගොඩ ප්‍රදේශයෙන් ලබාගෙන ඇති බව අනාවරණය වේ.

පළිබෝධනාශක යළි ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය, බඩඉරිඟු වගාවේ සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර වැනි එක් එක් වගාවන්ට ආසාදනය වන විශේෂිත වසංගත රෝගවලට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීමට නියමිතය.

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us