රටේ පවතින වාතාවරණය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේ පක්ෂ සහ දිස්ත්‍රික් නායකයන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේන බව වාර්තා වෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු සංචාරකයෙකුට මෙරට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි වාර්තා වෙන්නේ.

කුරුණෑගල, මත්තල, ලුණුගම්වෙහෙර සහ බෙලිඅත්ත නගර අංග සම්පූර්ණ නවීන නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (05) පැවැත්විණි.

නීතිපති දප්පුල ද ලිවේරා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) කථානායකවරයා වෙත ලැබී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේත් පිටවගොස් තිබෙනවා.

කෑගල්ල කෝවිලේ ධම්මික බණ්ඩාර කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේන බව වාර්තා වෙනවා.

අදාල පරීක්ෂණය රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව විසින් සායනික පරීක්ෂණ පැවැත්වූ අතර එහිදී තහවුරු වී ඇත්තේ මෙම පැණිය කොරෝනා වෛරසය මර්ධනය සදහා කිසිවක් සිදු නොවන බවයි.

කොළඹ හා ඒ ආශ්‍රිත නගරවලත් දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවලත් පවතින අධික රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමු කල බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා. ඒ අනුව අධික ලෙස රථවාහන තදබදය හදුනාගත් ප්‍රදේශවල දේශීය අරමුදල් යටතේ ගුවන්පාලම් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කොට ඇත.

කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ද උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනියා මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396කි. එහි පළල මීටර 10.4කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310කි. එහි පළල මීටර 6.9කි. මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැයවේ. මාස 12ක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය.

බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනියා මාවත සම්බන්ධ කරමින් ඉදිකරන ගුවන්පාලම මාස 12ක කාලයක් ඇතුළත රුපියල් මිලියන 2730 ක විදයමින් දිගින් මීටර 360ක් සහ පළල මීටර 11කින් යුක්තව ඉදිකෙරේ.

මෙම ගුවන් පාලම් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ විසින් ප්‍රධානය කෙරිණි..

-පංචාලි අබේසේකර

jon

ld add copy

Connet With Us