අධිකරණ නියෝග නොතකමින් දංකොටු ප්‍රදේශයේ තිබී සොයාගත් පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මෙරට නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා රැස්වන අතර සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට ඉඩ සැලසූ 2016 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා ඊයේ දිනයේ අනාවරණය කර තිබේ.

ලංකාගම හදන දවසෙ ඉදල සිංහරාජය ගැන අවුරුද්දක් කතා කරනවා. විපක්ෂයේ එක මන්ත්‍රිවරයෙක්වත් ගියේ නැහැ සිංහරාජයට. මම පාර්ලිමේන්තුවෙදි කිව්ව සිංහරාජයට යන්න වාහනයක් දෙන්නම් කියලා. ඒ ගියෙත් නැහැ. නමුත් කොළඹට වෙලා උද්ඝෝෂණය කරනවා...

 බදු නිදහස් කරන ඒවා විවෘත ආර්ථිකය හරහා මේ රටට ඉගැන්නුවෙ එක්සත් ජාතික පක්ෂයයි. ආයෝජකයෝ එනකොට ආයෝජකයන් මේ රටට ගෙන්නගන්න අපිට ක්‍රම සහ විධි තියෙන්න ඕන. එම නිසා නිදහස් කළ යුතු බදු අපි නිදහස් කළ යුතුයි. ඒවා වළක්වනවා කියන්නේ ආයෝජකයෝ මෙරටට එන එක නතර කරන්න හදන වැඩපිළිවෙලක්. බදු දුන්නා, බදු නිදහස් කරා කිය කිය විපක්ෂය කරන්න හදන්නෙ මේ රටට ආයෝජකයො එන එක නවත්වන්න. යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

 පාඨලී චම්පික රණවක සතුව පැවැති හොර ගිණි අවියක් පිළිබඳ පුවතක් සම්බන්ධයෙන් ඔහු විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි තැනක මෙසේ සඳහන් වේ."...2007 සිට 2019 දක්වා මා අමාත්‍යවරයෙක් ලෙස සේවය කළ අතර ගිණි අවිය සඳහා බලපත්‍ර ලබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීම් සිදුකර ඇත.ඒවාට ප්‍රතිචාර නොමැතිවීම නිසා ගිණි අවිය තලංගම පොලීසියට භාරදෙන ලදි.."

රවී කරුණානායකට ඇප !

Published in පුවත්
Thursday, 01 April 2021 11:55

2016 මාර්තු 31 සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

ld add copy

Connet With Us