කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.ඒ අනුව අද අලුයම 2.30ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇත.

එමෙන්ම අද දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 223 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ආහාර ඖෂධ හෝ ඇසුරුම් නොකළ සියලු සැෂේ පැකට් වැටලීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්වී මියගිය 16 හැවිරිදි දැරියගේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද (26) පස්වරු 1.30ට කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේන බව වාර්තා වෙනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ඉඩම් හිමි ගොවීන් හා අඳ ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම් පතක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ.

මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක් පිලිස්සුම් තුවාල සහිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේනවා.

ද කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අලුයම අභාවප්‍රාප්ත වී තිබේන බව වාර්තා වෙනවා.

රාජා මහේන්ද්‍රන්ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ අයෙකි.

ld add copy

Connet With Us