මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීම සදහා රජය තීරණය කර තිබේනවා.

මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීම සදහා රජය තීරණය කර තිබේනවා.

රැඳවියන් බැලීමට පැමිණෙන අය හට ප්‍රමාද වීමකින් තොරව රැඳවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේනවා.

ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරියගේ වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට ඇතුළත් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකශ කර තිබේ.

මේම රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී මෙබඳු මතයක් සෞඛ්‍ය සේවකයන් අතර ප්‍රචලිත කර ඇති බවට සමිති නියෝජිතයන් කළ සඳහනට ප්‍රතිචාර වශයෙනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

''රැකියා ලක්ෂයේ වැඩසටහන පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැකියා නියුක්ත කොට ඔවුන් දිළිඳුකමින් මුදා ගැනීම අරමුණු කොටගත් එකකි. ඊට බඳවා ගනු ලබන්නේ විධිමත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා හෝ නැති අය පමණි.
තෝරාගත් පිරිස්වලට රෝහල්, පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ්‍රමිකයන්, පවිත්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරුවන්නන් ආදී වශයෙන් පුහුණුවක් දෙනු ලැබේ.
පුහුණුවෙන් පසු ඔවුනට ඒ ඒ ආයතනවල ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරේ. එසේ වුවද ඔවුන් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොවනනු ඇති '' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

g1g2g3

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රවේශය මත එවක පැවැති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බව පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.

පොහොර සහනාධාරය ලබාගෙන හෙක්ටයාරයකට වැඩි භූමි ප්‍රදේශයක වී වගා කරන ලද ගොවීන් රජයට අනිවාර්යයෙන් වී ලබාදිය යුතුය යන තීරණය ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.

ld add copy

Connet With Us