මුතුරාජවෙල තෙත්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට හරිත සමාජ ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබ තිබේ .

කළුතර දිස්ත්‍රික්කයේ මස් සහ වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හැර අන් සියලු කඩ සාප්පු මැයි මස 10 වන දින සිට සති 2ක කාලයක් වසා තබන ලෙස කළුතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය දිස්ත්‍රික්කයේ සියලු වෙළෙඳ සංගම් හරහා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රටවල් කිහිපයක් තීරණය කර තිබෙනවා.

අන්තර් පළාත් ලංකා ගමනාගමන සහ පෞද්ගලික බස්රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන තිස්පහකදී වයස අවුරුදු තිහට ඉහළ සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීමට කොවිඩ් කමිටුව ඊයේ (10 වැනිදා) සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී ඇත.

කොවිඩ් වෛරසය රට පුරා සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් අද (10) පවත්වා තිබේනවා.

මෙරට සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මෙම සතිය තුළ කොවිඩ් එන්නත ලබානොදුන්නොත් බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර ඇත.

ld add copy

Connet With Us