කෑගල්ල බන්ධනාගාරයේ A4 අංශයේ විශේෂ සිර මැදිරියේ රඳවා ඇති පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී දුරකථන තුනක් සොයාගෙන ඇත . බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රී 8.45ට පමණ මෙහෙයුම සිදුකර තිබේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට වාරි කර්මාන්තය දියුණු කිරීම අරමුණුකර ගනිමින් වාරි සෞභාග්‍යා වැඩසටහන ක්‍රියාවට නැංවීමේ සමාරම්භය සනිටුහන් කෙරුණේ උතුරුමැද පළාතේ මහ ඇළ ව්‍යාපෘතියේ වාරි උමගේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

අල්ලස් චෝදනාවක් යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (05) නියෝග කල බව වාර්තා වේ.

කොවිඩ් මර්දනය සඳහා වන එන්නත් ලබා දී අවසන් කරන දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAP) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළත ඉන්දියාව විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයකින් ​මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

චීනයේ නිෂ්පාදිත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට ගෙන්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කර තිබේ.

අද උදෑසන පැවැති ජාතික නිදහස දින උලෙළ ආවරණය සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මාධ්‍යවේදීන් 200 කට අධික පිරිස අතරින් 18 දෙනෙකුට කොරෝනා අසාදනය වී තිබු බව පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා ආසාදනය වී තිබිම හේතුවෙන් ඒ මහතා පසුගියදා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබිණි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූවේ ඔහුය.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us