කොළඹ ගාලුමුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වෙළෙඳ කුටි පද්ධතිය ඉදි කෙරේ.

පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේනවා.

ගුණාත්මක බීජ ගොවි ජනතාවට ලබා දීමේ අරමුණින් බීජ නිෂ්පාදන ගොවිපොළ කිහිපයක් රජය හා පෞද්ගලික අංශ මගින් ආරම්භ කිරීම පිළිබද අවධානය යොමුව තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා තමන්ගේ ෆේස්බුක් පි‍ටුවෙහි සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභයට උපදෙස් දීමට පෙළඹට තිබිණි.

ලබන මස පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 - 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.

සිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේනවා.

රුපියල් ලක්ෂ 37ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 25 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ගංගා ආශ්‍රිතව තිබෙන වැලි ප්‍රමාණය කොපමණදැයි සොයා බැලීම සඳහා නැවත සමීක්ෂණයක් සිදු කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us