වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මගින් කඩිනමින් බෙදා හැරීමට කැබිනට් හමුවේදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙරට තුළ වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත ‍මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම ඊයේ (15) සිදු කෙරුණා.

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේනවා.

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීම සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය දෙසැම්බර් 27 දා හම්බන්තොට කතරගම වල්ලිමාතාගම පැවැති සත්කාරය විපක්ෂ ජංගම සේවයේදී කතරගම ප්‍රාදේශීය රෝහලට Multipara Monitors වල අඩුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනගන්නට ලැබිණි.

සමෘද්ධිලාභීන් දිගින් දිගට ම ණය සහ ආධාර මත යැපෙන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස නඟා සිටුවීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (15) දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඉදිරියේදී ගස් හෙලීමේ පනතට පොල් ගසද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Connet With Us