කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදි කරමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ දෙවන රථගාල යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ඉදිකිරීමේ කටයුතු අද (10) ඇරඹීමට නියමිතයි.

ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ජනතා බලාපොරොත්තු ඉටුවන පරිදි රජයේ සංවර්ධන ව්‍යාපෘති නියමිත පරිදි කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (පෙබරවාරි 09) දින පැවැසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකළ විමර්ශන ප්‍රමාණවත් නොවන බව අවධාරණය කර නීතිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකොට, තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (9) උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම නිකුත් කර තිබෙන නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.

ඉකුත් මහ මැතිවරණ සමයේ යුද හමුදා සෙබළුන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාඅම්මාන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (09) ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

පසුගිය ජාතික නිදහස් දින උලෙළ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයෙහි අවධාරණ කරනු ලැබු වැදගත් කරුණක් වූයේ තමන්ව බලයට පත් කිරීම වෙනුවෙන් විවිධ පාර්ශ්ව සහයෝගය දැක්වූ නමුත් පෞද්ගලික සහ ව්‍යපාරික වුවමනාවන් වෙනුවෙන් එලෙස සහයෝගය දැක්වූවන්ගේ ඉල්ලීම් අනුව කටයුතු නොකරන බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එහි වගකීම ඉන්දියානු දේශපාලනික වුවමනාවක් මත සිදු වූවක් බව තහවුරු කෙරෙන මත දැක්වීම් ‍රැසක් මෑතක සිට කරලියට එමින් තිබේ.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us