"දිට්වා" සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

මෙම වසරේ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ප්‍රධාන වැව් 73 න් ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජල විද්‍ය හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා “දිවයින” ට පැවැසීය.

විපතට පත්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන පැකේජයක්ද රැගෙන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් අද (22 වැනිදා) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතය.

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් "මෙහෙයුම් මැදිරියක්" ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ.

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාලන මිල ඉක්මවා දේශීය ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කර තිබේ.

අද කාලගුණය

Published in පුවත්
Saturday, 20 December 2025 11:27

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (20) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us