පොදු ජන පෙරමුණ නැත්නම් පොහොට්‍ටු කණ්ඩායම පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය මෙරට දේශපාලනයේ තීරණාත්මක බෙදුම් කඩක් නිර්මාණය කිරීම පදනම් කරගෙන මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රීලංකාවේ දේශපාලනයට බලපෑම් කරන රාජ්‍ය ගනනාවක් මෙම පක්ෂයේ ප්‍රධානින් සමඟ රහස් සාකච්ඡා පැවැත්වීම මේ දිනවල සිදුවෙමින් පවතී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය දැන් පැහැදිලි වෙමින් තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී මෛත්‍රීගේ සටන් පාඨය 'ගෝඨා සමඟ පෙරට..' යනුවෙන් හෝ ගෝඨාගේ සටන් පාඨය 'මෛත්‍රී සමඟ පෙරට...' හෝ විය හැකිය.

කොළඹ, ඉසිපතන විද්‍යාලයේ පිහිණුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් 14 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාසමාජ ජාලා තහනම් කිරීම විය යුතු නැති දෙයක් බව හේතුසාදක ඇතිව පෙන්වා දෙයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපෂක්වරු යළි බලවත් වීම වැලැක්වීම සඳහා 2015 දී රාජපක්ෂ පවුල් ආණ්ඩුව පරදවීම වෙනුවෙන් ඒකරාශී වූ බලවේග යළි එකතු කිරීම වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත නා හිමියන් නායකත්වය දුන් ජනතා බලවේගය වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පණ ගැන්වීමට මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන පියවර ගනිමින් සිටියි.

සමාජ ජාලා ආණ්ඩුවේ අත් අඩංගුවෙන් මුදවන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ගෙන් දියාරූ ඉල්ලීමක් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කිරීම සඳහා එවකට පැවැති එජාප ආණ්ඩුව 1983 ජුලි දෙමළ විරෝධී කැරලි කෝලහල යොදා ගත්තා සේ මෙවර මහනුවර සිදුවීම දඩමීමා කරගෙන සමාජ ජලා තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ මෛත්‍රී විරෝධය උත්සන්න වීම නිසා බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යය.

මහනුවර,තෙල්දෙණිය,දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ යන මහත්වරුන් සෘජුව වග කිව යුතු බවට ඒ සම්බන්ධයෙන් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය මගින් සිදු කෙරෙන මූලික පරීක්ෂණ ඔස්සේ හෙළි වෙමින් පවතියි.

Viber නිදහස්

Published in පුවත්
Monday, 12 March 2018 23:39

අද සවස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාකදී මේ වන විට තහනම් කර ඇති Viber (වයිබර්) සේවාව පමණක් මුදාහැරීමට තීරණය කර තිබෙන බව ශ්‍රීලංකා ගාර්ඩියන් වෙබ අඩවිය වාර්ථා කරයි.

ld add copy

Connet With Us