අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එනවා යැයි කියන විශ්වාසභංග යෝජනවක් ගැන ගැන කසු කුසුව නිසා. ශ්‍රීලනීපය යළි දේශපාලන වශයෙන් අනාත වෙමින් තිබෙන බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනට ස්ථිරසාර දේශපාලන ප්‍රතිපත්තියක් නොවීම හා තීන්දු ගැනීමේදී වැනෙන සුළු සහ නිරන්තරයෙන් තීන්දු වෙනස් කිරීම නිසා ශ්‍රීලනීපය මුහුණ පා සිටින දේශපාලන අර්බුධය මෙම විශ්වාස භංග යෝජනාව නිසා යළිත් උත්සන්න වී තිබේ.

අපි ජනගහනයෙන් අඩකට වැඩි වෙමු. අපි අපගේ පවුල්වල ආදායම් උපයන්නන් වෙමු. සුරැකුම්කරුවන් වෙමු. කර්මාන්තශාලාවල, වතුවල, ගොවි බිම්වලට, එතෙර හා නිවෙස්වල අපි උත්සහාවන්ත ලෙස ශ්‍රමය වගුරවන්නෙමු. අපගේ රටට ස්ත්‍රීන් අහසින් අඩකටත් වඩා දරා සිටී.

පසුගිය ඉරිදා අයිලන්ඩ් පුවත්පතෙහි ගෝඨාභය ගැන ඉංග්‍රීසියෙන් පලවූ ලිපියකට ,ගෝඨාභය සිංහලෙන් උත්තරයක් ලියා ඊයේ තමන්ගේ ෆෙස්බුක් ගිණුමේ දමා ඇත. ඒ අයිලන්ඩ් පුවත් පතට යොමු කරාද නැද්ද දන්නෙ නැති නමුත් මේ සිංහල උත්තරය නම් තමන්ගේ බැතිමතුන් වෙනුවෙන් බවට සැකයක් නැත.

ශ්‍රී ලංකාව අඩු වියදමක් යටතේ දුප්පතුන්ට මිත්‍රශීලීව ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක බැංකුව ඇගයීමට ලක් කර තිබේ. විශ්වීය සෞඛ්‍ය පිළිබද අධ්‍යයනයක නිරත වූ ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වෙයි.

ඊයේ අනුරාධපුර තඹුත්තේගම පැවැති ගොවි උද්ඝෝෂණයට හේතුව 2011 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව ආරම්බ කළ පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව බව දැන ගැනීමට තිබේ.

අද අනුරාධපුර තඹුත්තේගම පැවැති උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ඉතා නරුම ප්‍රහාරයක් දියත් කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දීමට එජාප නායකත්වය විසින් තීරණය කර තිබුණද ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට හිතැති කහකඩධාරීන්ගේ විරෝධය පි‍ටුපස සිටින්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේම කොටසක් බවට තොරතුරු අනාවරණය වේ.

දේශපාලකයන්ගේ බලය ඉදිරියේ දණ නොගසන තරුණ පරපුරක් නිර්මාණය කළ යුතු බව ඇමති මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද මාතර බාලිකා විදුහලක පැවති උත්සවයකට සහභාගි වෙමින්ය.

ld add copy

Connet With Us