රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ධූරයේ කටයුතු කරමින් සිටිය දී පවා ඉවත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළා. නමුත් ඉවත් කර ගැනීමට නොහැකි වුනා. විපක්ෂ නායක ධූරයේ සිටිය දී ඉවත් කර ගැනීමට නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ සිටිය දී ඉවත් කර ගන්නේ කොහොමද '' යනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රශ්න කරයි.

පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේදී ඇතිවුණු ජාතිවාදී සිදුවීමත් ඉන අනතුරුව එය සම්ජජාල හරහා පැතිරීමේ තිබුණු අවධානමත් නිසාවෙන් රජය මගින් සමජජාලා සහ සමහර පණිවිඩ හුවමාරු විදි ප්‍රමාණයක් (facebook, viber whatsapp වැනි ) රටතුල අවහිර කිරීමට අදාල පියවර ගැනුනි. එම මොහොතේදී එය එම ප්‍රවනතාව නවතාලීමේදී පිටුවහලක් වුවද දැන් එය රජය නිසි අවබෝදයකින් තොරව සිදු කරමින් සිටින නිසා රටට බරපතල හානි සිදුවෙමින් පවතී මෙම ලිපිය එය පිළිබද ලියවුන ලද්දකි.

ගෙවුණ දින කිහිපය මෙරට සාමය, සංහිඳියාව, ආර්ථිකය මෙන්ම සහජීවනයට ද කැලැල් මතු කළ වකවානුවකි. දෙමළ සිංහල ගැටුම 40 වසරක පමණ ශාප කාලයකින් පසුව යටපත්කර ගැනීමට සමත්වුවද, අන්තවාදීන්, අවස්ථාවාදීන් මෙන්ම ජන, කුල හා ආගම් මුල්කරගත් විවිධ මාදිලියේ ආකල්පවාදීන් වරින්වර සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවන්  නිසා තිරසර සාමයක් ළඟාකර ගැනීමට බාධා ඇති විය.

ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (8දා) සිදු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2018 මාර්තු 08 වන දා කළ විශේෂ ප්‍රකාශය

මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ පැවති තත්වය පිළිබඳව මා එදිනම විශේෂ ප්‍රකාශයක් සිදු කළා. තවදුරටත් ඊයේ රාත්‍රියේ සහ අද දින පවතින තත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි මම කල්පනා කළා.

ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උරුමක්කාරයන් යැයි කියන උඩරට සිංහල බෞද්ධයෝ දැන් තමන්ගේ රටේ අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව කියමින් මුසල්මානුවන් පන්නා දැමීමේ කටයුත්ත ආරම්භ කර තිබේ. රටේ ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරමින් නීතිය රකින ආයතනවලටත් අභියෝග කරමින් ප්‍රදේශයෙ පාලනය සියතට ගැනීමේහි ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආරම්බ කර තිබිණි.

ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වන විට යොදවා තිබෙන බවත් ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සුදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් අද විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවැසීය..

ld add copy

Connet With Us