ජනාධිපති සිරිසේන විසින් තමන්ට බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල ගොඩනගා ගැනිමට නොහැකි වීම නිසා ව්‍යවස්ථා විරෝධීව හො පාර්ලිමේන්තුව විසුරුවා හරීමට තීන්දු කර ඇතැයි පැතිර යන ආරංචියත් සමඟ ශ්‍රිලනිපයේ මන්ත්‍රී අපේක්ෂක නාමයොජනා යුද්ධය ආරම්බ වී ඇත.

දේශමාමක හා අවංක ශ්‍රී ලාංකිකයෙක් විදියට රටේ පවතින කණගාටුදායක දේශපාලන අර්බුදය හමුවේ තමාට පිරිනමන ලද දේශමාන්‍ය පදක්කම හා සහතිකය ආපසු ලබා දෙන බව ආචාර්ය දේවනේසන් නේසයියාහ් පවසා තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු හන්දියේදී වහසි බස දෙඩවූවද මහින්දව අගමැති කරවා ගැනීමට අවශ්‍ය බහුතරය නොමැති කමින් සිරිසේන ජනාධිපතිවරයා වියරුවෙන් මෙන් කටයුතු කරන්න පටන් ගෙන තිබේ.

පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහස අතහැරගෙන ඇති බව සිංගප්පූරුවේ THE STRAITS TIMES වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

මෙවර දිපවාලී උත්සවය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරයා රටේ ජනතාව රවටන කුප්ප වැඩක් සිදු කර තිබේ. දීපවාලි උත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩ නිකුත් කිරීමේ සාම්ප්‍රදාය අනුව මෙවරද ජනාධිපතිවරයා පණිවිඩයක් නිකුත් කර තිබිණි . ඒ අනුව උතුරේ සිරකරුවන්ගේ ගැටළුව විසඳීම පිලිබදව සහනදායි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබිණි.

ඉදිරි සියලු මැතිවරණ වලදි ශ්‍රීලනිපය පොහො‍ටු ලකුණ යටතෙ තරග කළ යුතු බවට මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය තීන්දු කිරීම නිසා මේ වනව විට ශ්‍රී ලනීප පාක්ෂිකයන් කළඹල වී සිටී.

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් බවත් වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.

ld add copy

Connet With Us