පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවසන් වාර්තාව කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබීය.

පැය 24 ක් ඇතුළත සියලුම පිළිකාකාරක විෂ සහිත ආහාර හා ආයතන ලිඛිතව ලබා දෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති පොරොන්දු වූ බව මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් යොදා ඇත.

bikkhun2

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ( 05 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

රුපියල් ලක්ෂ 85කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් බියගම ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

මගී ප්‍රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර තිබෙනවා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අධිකරණ නියෝග නොතකමින් දංකොටු ප්‍රදේශයේ තිබී සොයාගත් පොල් තෙල් බවුසර් දෙක රේගුවට භාරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මෙරට නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Connet With Us