එජාපයෙන් පොදු පෙරමුණක් ලකුණ හංසයා.. සජිත් වෙනුවෙන් මංගල සටනට
මහ මැතිවරණයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය පුළුල් පොදු පෙරමුණකින් තරග කළ යුතු බවට අද උදෑසන පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රබල යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
එජාප අගමැති අපේක්ෂක සජිත්, ජනාධිපති අපේක්ෂක රනිල්..!
කවර තත්වයක් හමුවේ හෝ ඉදිරි මහ මැතිවරණයට හා ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා එජාපය අද උදෑසන පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණාත්මක කරුණු කාරණ රැසක් සාකච්ඡාවට ගෙන තිබේ.
සිරිසේන, විසුරුවා හැරියේ ශ්‍රිලනිපයයි. රාජපක්ෂලා ශ්‍රිලනිපය අත්හැර යති.
බලාපොරොත්තු වූ පරිදිම සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රි ලනිපයේ ගමනක අවසානය සළකුණු කර තිබේ.. ඉදිරි මහ මැතිවරණයට පොහොට්‍ටුව ලකුණේ එල්ලී තම තමන්ගේ බලය රැක ගැනීමට දැන් ශ්‍රී ලනීපයේ සෙසු නායකයන්ට සිදුව තිබේ.
ජාත්‍යන්තරයට උත්තර දෙන්න ඉන්දියානු සමාගමකට කොන්ත්‍රාත් දීලා. ලේක්හවුස් සල්ලිත් අදියි.
සිරිසේන ජනාධිපතිවරයා මහින්ද සමඟ සිදු කළ බලය පැහැර ගැනිමේ කුමන්ත්‍රණය නීත්‍යානුකූල බව ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම සඳහා අවශ්‍ය පිලිතුරු පත්‍රය සැකසීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියානු නීතිවේදී සමාගමක් වෙත පැවරීමට කටයුතු කර ඇත.
මන්ත්‍රීවරු මරලා හරි බලය ගන්න ශ්‍රිලනිපයේ තීන්දුවක් !
සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ශ්‍රීලනිප කාරක සභාව ඊයේ (08) අපේගම පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ,14 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙකු හෝ දෙදෙනෙක් මරණයට පත්කොට හෝ බහුතර බලය දිනාගන්නා බව ප්‍රකාශ කොට තිබෙන බව පා.ම. තුෂාර ඉදුනිල් මහතා අද (09) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
දිගා සහ මනෝව මිළදී ගෙන ගෙනත් දෙන බව ව්‍යාපාරිකයෙක් නාමල්ට පොරොන්දු වෙලා.
පලනි දිගම්බරම් සහ මනෝ ගනේශන් මන්ත්‍රීවරු දෙදෙනා කවර මිළක් ගෙවා හෝ මිළදි ගෙන ජනාධිපතිවරයා හමුවට ගෙන එන බව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු නාමල් රාජපක්ෂට අද දින පොරොන්දු වී තිබේ.
මෛත්‍රී කපෝතියි.. තුරුම්පු සියල්ල බැසිල් ගාව. දිනුම රනිල්ට !
සිරිසේන ජනාධිපතිවරයා තමන් සතුව තිබෙන තුරුම්පු ලබන 14 වෙනිදාට අදිනවා යැයි වහසි බස් දෙඩවූවද ඔහු සතුව ඇත්තේ ජෝකර්ලා පමණක් බව මේ වන විට තවුරුව තිබේ. සිරිසේනගේ මරි මෝඩ ක්‍රියා කලාපය නිසා රාජපක්ෂවරුන්ද ලොකු අමාරුවක වැටී ඇති බව එම පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙයි.
විදේශ තහංචි අත ළඟ... දැවැන්ත ආර්ථික අර්බුධයක් අනිවාර්යයි.
සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණයට එරෙහිව යුරෝපා සංගමය තෙවෙනි නිවේදනයත් මේ වන විට නිකුත් කර තිබේ. පාර්ලිමේන්තුව කැඳවූ සැනින් බහුතරය විමසා ඡන්ද විමසීමක් පැවැත් විය යුතු බව එහිදී දැඩිව අවධාරණය කර තිබේ.

