ලේක් හවුස් ආය්තනයේ සභාපති ඇමැති සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන්තිස්ස රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබුණද ඔහු ඉන් ඉවත් නොවෙන්නට තීරණය කර ඇති බව දැන ගැනීමට තිබේ. ජනමාධය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වීමෙන් අනතුරුව රජයේ මාධ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු අතර ඒ අනුව එම ඉල්ලා අස්වීම් සිදුව තිබිණි.නමුත් රත්නායක මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රිලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නමින් අද දින නිකුත් වී ඇති නිවේදනයෙන් කියවෙන්නේ පසුගියදා සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලු වී සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වැලැක්වීම වෙනුවෙන් ශ්‍රි ලංකා පොලීසිය විසින් සිදු කළ මෙහෙයුම ' ශ්‍රී ලංකා සරසවි අරගල ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදු කරනු ලැබූ ම්ලේච්ඡතම ප්‍රහාරය ' බවය.

මිනිස්සු අරගල කිරීම කැරලි ගැසීම සාමාන්‍ය දෙයකි. ඒ මිනිස් ඉතිහාසය පුරා සිදුවු දෙයකි. ඒ හෙට දවසේදීත් සිදුවනු ඇත. ඒ තමන්ට ලැබිය යුතු දෙයක් තිබෙනවාය, ඒ ලබා ගැනීමට අයිතියක් තිබෙනවාය කියන සිතුවිල්ලෙනි. මේ සිතුවිල්ල හරි හෝ වේවා වැරදි හෝ වේවා අරගලයකින් තොරව කිසිවක් දිනා ගත නොහැකි බව සදාතනික සත්‍යයකි. එහෙත් ඒ අනුව අරගලය හෝ කැරළිගැසීම උත්කර්ෂයට නැඟීම කළ නොහැක. මේ දිනවල සයිටම් ප්‍රශ්නය අල්ලා කෙරෙන ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ක්‍රියාවලිය ගැන කතා කළ යූතු වන්නෙ ඒ කෙතරම් දුරට සාධාරණද යන්න ගැන සිහි බුද්ධියෙන් යුතුව කල්පනා කරය.

(Don Supzගේ ෆේස්බුක් සටහනකි.)


රායිට්... උමා ඔය ජාතකය දිගහරින්න කියලා ඉල්ලීම් ආපු නිසා නැවත ඇක්ටිවේට් කරලා සරල සිංහලෙන් දානවා.. සවන් ඇත්තො සවන් දෙත්වා...

ආගම , දේශපාලකයන් විසින් තක්කඩි ලෙස තම තමන්ගේ ඡන්ද ගොඩවල් ලොකු කර ගැනිම වෙනුවෙන් පාවිච්චි කෙරෙන සමයක එක්සත් ජාතික පක්ෂය අද දින  නිකුත් කළ නිවේදනයකින් තම පක්ෂය අනාගමික පක්ෂයක් බව නිවේදනය කර තිබේ. ආගම අබිං යැයි කියන සිය ශාස්තෲවරයාගේ ඉගැන්වීම පවා නොසලකා හැර මේ රටේ වර්තමාන වාමාංශික පක්ෂ පවා ආගම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නා බව පෙනෙනට තිබේ.

සිවිල් ගුවන්සේවා අධිකාරී කාර්යාල මුලස්ථානය පවත්වාගෙන යන 3 මහල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වසර 15ක කාලයක් තිස්සේ කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ. මෙහි මාසික කුලිය ලක්ෂ 60ක් වන අතර වත්මන් ගොඩනැගිල්ල එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමීප හිතවතකුට අයත් එකක් බවද අධිකාරී සේවකයින් පවසයි.

මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය තුලදී ඊට අපරාධමය වරදක් සම්බන්ධයෙන් මත ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටින උදයංග වීරතුංග හා නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මුණ ගැසී ඇත්තේ ජපානයේ ශ්‍රිලංකා තනාපති ධමමික ගංගනාත් දිසානායකගේ නිවසේදී බවට අප වෙත විශ්වාසනීය තොරතුරු මාර්ගයකින් දැන ගැනීමට ලැබී තිබේ.

රුපියල් බිලියන ගනනක් බදු වංචා කළ බදු හොරෙකුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිර්නාමිකව (යැයි එසේ කියන) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් අද දින (16) ජනමාධ්‍යවේදියකු කැඳවා ප්‍රශ්න කර තිබේ. මෙම ප්‍රශ්න කිරීමට හේතුව වී ඇත්තේ මේ බදු හොරා හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරි ජනරාල්වරිය අතර වන අනොන්‍ය අවබොධය මත එම බදු හොරාගේ බදු කපා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පුවත්පතක පළ වූ හෙලිදරව් කිරීමකි.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us