තම ආයතනයේ සිදුවන දුෂණ වංචා ගැන ලිඛිතව පැමිණිලි කල සේවකයන් තිදෙනෙක් දොට්ට දැමු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කිඹුල් කදුළු හෙලමින් ශ්‍රී ලංකා රේගු දෙපාර්මේන්තුවේ සහකාර සුප්රින්ටඩන්වරයෙකු අනිවාර්ය නිවාඩු යැවීම ගැන තම අප්‍රසාදය පල කිරීම ගැන එහි සාමාජිකයන් මවිතයට පත්ව සිටිති.

දුෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ. ඒ පහත දැක්වේ.වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම කාර්යාලය වසා දැමීමට කටයුතු කරමින් පවතින බවට විපක්ෂ කණ්ඩායම් වලින් චෝදනා එල්ලවෙමින් පවතී.

රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා අත්තනෝමතික ලෙස රේගු නිලධාරීන්ගේ සුභසාධන සහ වන්දි අරමුදල (COM & T ) අවභාවිතයේ යොදවන බවත් ඒ හමුවේ එම අරමුදල බරපතල මුල්‍ය අවදානමකට ලක්ව ඇති බවත් රේගු වෘත්තීය සමිති චෝදනා කර සිටියි.

ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ සේවකයන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් මැක්ස් රූපවාහිනි ආයතනයේ සේවයට ගොස් තිබීම නිසා ආයතනයේ විකාශන කටයුතු පවත්වාගෙන යාමේ අර්බුදයක් ද මතුව තිබෙන බව වාර්තාවේ.

මෙම වසර තුල මෙරට සාගර කලාපය පුලුල් කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥ සාකච්ඡා වෙනුවෙන් ආචාර්ය සාලිය වික්‍රමසූරිය මහතා පත් කිරීමට ජේෂ්ඨ කැබිනට් ඇමැතිවරු ගනනාවකගේ කැමැත්ත හිමිව තිබුණද ජනාධිපතිවරයා , නීතිපතිවරයාගේ බහට යටවී ඒ වැලැක්වීමට කටයුතු කර තිබෙන බව දැන ගැනීමට තිබේ..

මංගල සමරවීර සහ ජාතික නිදහස් පෙරමුණ අතර පාර්ලිමේන්තුව තුළ ඊයේ (05) වාග් සංග්‍රාමයක් ඇවිළී තිබේ. එහිදී, මංගල සමරවීර විසින් `තක්කඩියා` යන වචනය භාවිත කරන ලදී. එය ඇසුනු විගස ඊට ප්‍රතිචාර ලෙස මංගල සමරවීරට දමා ගැසුණේ `පොන්නයා` යන වචනයෙනි. දිගින් දිගටම `පොන්නයා` යනුවෙන් තමන්ව අපහාසයට ලක්කරන විට, මංගල සමරවීර කියා සිටියේ, හොරෙක් මිනීමරුවෙක් වනවාට වඩා පොන්නයෙක් වීම ගෞරවනීය බවයි.

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය රජය විසින් ඉන්දියාවට විකුණනවා යැයි පවසමින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඒකාබද්ධ විපක්‍ෂයට අයත් වෘත්තීය සමිති කොටස් හා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති එක්ව නැවත වතාවක් තෙල් සංස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරනවා යැයි තර්ජනාත්මක මත පතුරුවමින් තිබේ.

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත් මිය හා ඇගේ පුංචි අම්මා වන ෆොරස්ට් ඩේසී මහත්මිය පසුගිය 2014 වසරේ දී විදේශ කටයුතු අමාත්‍යංශයෙ වියදමෙන් ප්‍රංශයේ වෙසක් සිරි නැරඹීම සඳහා ගොස් ඇති බව අනාවරණය වේ.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us