ක‍ටුනායක , බණ්ඩාරනායක ජතයන්ත්‍ර ගුවන් තො‍ටුපොලෙහි තීරුබදු රහිත සාප්පු සංකීර්ණ දෙකම කැබිනට් මණ්ඩල නියෝග උල්ලංඝනය කරමින් ෆ්ලෙමින්ගෝ නම් ඉන්දීය සමාගමකට හා එහිම අනු සමාගමකට ලබාදීමට මෙරට බලධාරීන් කටයුතු කර ඇත්තේ රුපියල් මිලියන 500ක සංතොසම් මුදලක් නිසා බවට තොරතුරු හෙළිවෙමින් පවතී.

විනිමය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධි චෝදනා 10ක් යටතේ පවරා තිබූ නඩුවෙන් විත්තිකාර මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට පසුගිය 2015 වසරේ මැයි මාසයේදී කොළඹ මහාධිකරණ තීරණය කළද එම නඩු තීන්දුව ලබා දුන්නේ චෝදනා ගොනු කිරීමදී නීතිපතිවරයා වෙතින් සිදුව තිබූ තාක්ෂණික දෝශ පදනම් කරගෙන වීමත් යළි නීතිපතිවරයාට චෝදනා නිසි ලෙස සංස්ථාපනය කර ඉදිරිපත් කිරීමට හිමිකමක් ඇති බව සඳහන් කරමිනි.

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහි සම්පූර්ණ වියදම රුපියල් කෝටි 18 කට වඩා වැඩි බව එම පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලෙකම් ගොඨාභය රාජපක්ෂ මහතා සිය අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා තීරණය කර ඇති බව ඒ මහතාට හිතවත් පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසයි. 2020 ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබේ.

ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගිතා සාම පාගමන සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ටත් එක්වීමේ අවස්ථාව උදා වී ඇතැයි වාර්තාවේ.

මෙරට අන්තර්ජාලය නිරන්තරයෙන් පරිහරණය කරන පුද්ගලයන් අතර ඉතා සීග්‍රයෙන් මානසික රෝගී තත්වයන් ඇතිවීම සම්බන්ධයෙන් මේවන විට වැඩි වශයෙන් වර්තා වෙමින් පවතින බව වාර්තාවේ. පරිගණක ක්‍රීඩා හා ෆේස්බුක් ට්වීටර් වැනි සමාජ ජාලා සහ වැඩිහිටි ලිංගිකමය වෙඩ් අඩවි වල නිරන්තරයෙන් ගැවසෙන්නන් මෙලෙස මානසික රෝග තත්වයට පත් වීම වැඩි බවද වාර්තාවේ.

වර්ෂ 2020 වනවිට රජයේ ඉහළ තනතුරක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලැබෙන්නේ දැයි මාධ්‍යවේදීයකු විමසා සිටි අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අවස්ථාවක් ලැබුනොත් එය බාරගන්නා බවත්, තමන් සිරිසඟබෝ රජතුමා මෙන් කටයුතු නොකරන බවත් ය.

මෙරට ට සංක්‍රමණය වූ මියන්මාර රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය නිකුත් කළ නිවේදනය

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us