මේ වසරේ ගෙවීගිය කාලය තුළදී පෞද්ගලික බස්රථ සේවකයන් විසින් අවස්ථා හතකදී ලංගම සේවකයන්ට පහර දී තිබෙන බවත්, තර්ජනය කිරීම් සිය ගණනක් සිදුව තිබෙන බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ කලණ හස්තියා පිළිබද තොරතුරු සොයා බැලීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද (27) පෙරවරුවේ එම දේවාලය වෙත ගොස් තිබේ.

ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් කිරීමේ අරමුණින් රජය මගින් ක්‍රියාත්මක ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ වඩා පුළුල්ව ජනගත කිරීමේ අරමුණින්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පුරෝගාමීව සංවිධානය කරන ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය’ලබන බදාදා (29) මොනරාගලදී ආරම්භ වේ.

‘‘රැඟුම් පාලක මණ්ඩලය විසින් මංකෙළින් මිනිහෙක් නාට්‍ය පිටපත ආපසු කැඳවයි’’

වයස අවුරුදු 18ට වැඩි, එහෙත් ස්ථිර ලිපිනයක් නොමැති සියලු දෙනාට ඡන්ද අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා මේ වන විට රුපියල් ලක්ෂ 21ක මාසික වැටුපක් ලබන බව සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (23)

රජයේ ප්‍රතිපත්තියට අනුව දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක් මේ වන විට දිවයින පුරා ඇති බවත් 2019 වසරේදී එය 200 දක්වා වර්ධනය කරගැනීමට බලා‍පොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු - පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන බවත්, මෙය අප රටේ ආර්ථිකය සංවර්ධනයට හේතු වන බවත්, එම නිසාම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට (SMES) මේ සඳහා හවුල් වන ලෙසට දිරිමත් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.

ld add copy

Connet With Us