පසුගිය රාජපක්ෂ සමයේදී ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව පරික්ෂාකරන ලද සීසීටීවී දර්ශන වල විමර්ශන වලට සහය දෙන සාක්ෂි කිසිවක් ලැබි නැති බව වාර්තාවේ.

යුධ හමුදා බුද්ධි අංශ විසින් සැලසුම් කර 2009 වසරේ ජනවාරි 08 වෙනිදා අත්තිඩියේදී ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ මිහිදන්කර ඇති දේහය ගොඩගැනීමට නියමිතය. මේ වන විට බොරැල්ල කනත්තේ එම දේහය මිහිදන් කර ඇති ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මහින්දවාදින් ලෙස පෙනි සිටින කණ්ඩයමේ ශ්‍රිලනිපය නියොජනය කරන පිරිසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යොජනාවලිය සඳහා මේ වන විට පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වන සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමට අගමැතිවරයා නායකත්වය දරන එම මෙහෙයුම් කමි‍ටුවට යෝජනා කිරීම සම්බන්ධයෙන් මහින්දවාදී තවත් කණ්ඩායමක් සිය විරෝධය පල කර නිවේදනයක් නිකුත් කොට ඇත.

දකුණු ඉන්දියාවේ(චෙන්නායි) ශ්‍රී ලංකා නියොජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් පත් කර යවන ලද පළපුරුදු රාජ්‍යතාන්ත්‍රික නිළධාරියකු වන නියොජ්‍ය මහ කොමසාරිස් වඩිවේල් ක්‍රිෂ්ණමූර්ති මහතා ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බව වාර්තාවේ.

සිය නිල බලය අයුතු ලෙස යොදවා රුපියල් මිලියන සිය ගනනක්‌ අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් නාමල් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකාරියක වන සුජානි නමැත්තියට අවශ්‍ය ‍රැකවරණය ලබා දීමට මලික් ඉදිරිපත්ව ඇතැයි දැන ගැනිමට ඇත. මේ කුණු කතාවකි. නමුත් ඇත්තය. කාගෙවත් පෞද්ගලික ජීවිත වල සම්බන්ධකම් අපිට වැඩක් නැත. එහෙත් මේ කතාව ගැට ගැහෙන්නේ මේ රටම කුණු කරපු වුන්ගේ ජීවිත කතන්දර ගෙවෙන හැටි රට දැන ගැනීම විය යුතු බැවිනි. නම් ගම් වල අඩුපාඩු පාඨකයා විසින් සපුරා ගන්නෙ නම් මැනවි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිදුකරන විමර්ශන වලදී කෝටිපති ව්‍යාපාරිකයින් සම්බන්ධව කටයුතු කර ඇති ආකාරය පිළිබඳ විශේෂ සොයාබැලීමක් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

පෑන් ඒෂියා (pan asia) බැංකුව සහ LOLC මුල්‍ය සමාගමේ තැන්පත් ධනය ඒවායේ හිමිකරුවන් අවදානමේ හෙලා ඇතිබව වාර්තා වීමත් සමඟ තැන්පත්කරුවන් එම සමාගම් වලින් මුදල් ඉවත්කර ගනිමින් සිටින බවත් ඒ නිසා එම සමාගම් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

මෙවර පැවැති දළදා මාලිගාවේ පෙරහැර රූපවාහිනී ජාතික විකාශය (මහ රන්දෝලි පෙරහැර) සැබැවින්ම ස්වාධීන රුපවාහිනී ආයතනයේ නිශ්පාදනයක් වුව එය දළදා මාලිගාවේ නිශ්පාදනයක් ලෙස රූපවාහිනී තිරවල සටහන් කිරීම සටකපට මගඩි වැඩක් දැයි ස්වාධීන රුපවාහිනී ආයතනයේ සේවකයෝ ප්‍රශ්න කරන බව එම ආයතන තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us