මත්තල අන්තර් ජාතික ගුවන්තොටුපොළට මෙතෙක් කලක් අඩුවක්ව පැවති තීරුබදු සහන සාප්පු සංකීර්ණය සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර මාර්තු මාසය අවසානය වන විට විවෘත කළ හැකි බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් වෛරසය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නික්’ එන්නත මෙරටට හැකි ඉක්මනින් ඇණවුම් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.

සියලුම ආගමික කටයුතු සඳහා පැවැතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණක් බවට පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේනවා .

රුපියල් කෝටි 45කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික ප්‍රමාණයක් සමග යුද හමුදා සෙබළුන් දෙදෙනකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය හොරණ ප්‍රදේශයේදී ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නඩු පවරනවාද? නැද්ද? යන්න පිළිබඳව අවසන් තීන්දුවකට එළැඹිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයකට අනුව බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කර තිබෙනවා.

බන්ධනාගාර තුළ නව කොවිඩ් වෛරසය ආසාදිතයින් 32කු හඳුනා ගෙන තිබීමත් සමග මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4807 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේන බව වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව ඉන්දියාවේ එන්ඩීටීවී, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු පුවත් සේවා රැසක් වාර්තා කරනවා.

ld add copy

Connet With Us