අද පාර්ලිමේන්තුව හමුවේ රාජපක්ෂවරු නිර්මණය කළ ගැ‍ටුමේ අරමුණ කතානායකවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්ද යන සැකය පවතින බව එජාප ජේෂ්ට මන්ත්‍රීවරයකු අප හා පැවසීය.

මෙරට ඉතිහාසයේ බලයට කෑදරම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ බව අද දිනයේදී ඔහු විසින්ම පාර්ලිමේන්තුව හමුවේ ඔප්පු කර සිටියේය.

මහින්ද රාජපක්ෂ හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය සමඟ යම් හෙයකින් හෙට දිනයේ රාජපක්ෂ අගමැතිවරයා ලෙස සිය විශේෂ ප්‍රකාශය සිදු කරන්නේ නම් එය නීති විරෝධී බව අමාත්‍ය මංගල සමරවිර පවසනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති බවට දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් ජනාධිපතිවරයාට බාර දීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. අද රාත්‍රියේම එම දිවුරුම් පෙත්සම් ජනාධිපතිවරයා අතටම පත් කිරීමට නියමිතය.

අද පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව එය කතානායකවරයා විසින් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යොමු කරන ලද ලිපියට සංශෝධනයක් කරන ලෙස ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පත් කළ ආණ්ඩුවේ වලංගු භාවය අද දින (14) පාර්ලිමේන්තුව හමුවේ නීත්‍යානුකූලව අහෝසි කිරීමත් සමඟ හොර අගමැති මහින්ද රාජපක්ෂගෙ හා එම හොර ඇමැති මණ්ඩලයේ නියොග වලට යටත්ව ක්‍රියාකරන සියළුම රාජ්‍ය පරිපාලන නිළධාරීන් හ සේවකයන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සිදු කෙරෙන බව එජාප ජේෂ්ඨ ඇමැතිවරයකු පැවැසීය.

තමන්ගේ හිතේ අගමැති සිහින නැති බවත් මේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව, නිදහස්ව, සාමකාමීව ජීවත් වෙන රටක් පමණක් තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පාර්ලිමේන්තු සැසිවාරය අවසානයේ මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

මහින්ද රාජපක්ෂට අගමැතිධුරය රැක ගැනීම සඳහා ජනාධිපති සිරිසේන මැදිහත්ව එය සාර්ථක කර ගනිමින් සිටින විට එය කඩාකප්පල් වන ලෙස බැසිල් රාජපක්ෂ කටයුතු කළ බවට ගොඨා පාර්ශ්වය චෝදනා කරමින් සිටින බව එම කල්ලියේ ආරංචි මාර්ග පවසයි.

ld add copy

Connet With Us