පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් තමන්ට ඇති බව කියමින් මහින්ද රාජපක්ෂට අගමැතිධුරය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා පොරොන්දු වූවද එසේ නොකිරීමට අසමත් වීම ගැන අද දින උදෑසන මහින්ද රාජපක්ෂ , ජනාධිපතිවරයාගේ මූණටම දැඩිව දොස් පැවැරූ බව ජනාධිපති කර්යාල ආරංචි මාර්ග පවසයි.

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයා තමා දැරු දේශපාලන ස්ථාවරය වෙනස් කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. ඊයේ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමද විනාඩි 40 කට සීමා වී තිබේ. විශේෂ වැදගත් කිසිවක් ගැන එහිදි සාකච්ඡා කොට නැත.

අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නිසා බයෙන් බිරාන්ත වී සිටින ජනාධිපති සිරිසේන හදිස්සියේම හොර ඇමැති මණ්ඩලය කැබිනට් කාර්යාලයට කැඳවා ඇත.

සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකළ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් මීට මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත මහින්ද රාජපක්ෂ ලිඛිතව දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සිරිසේන ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමේ අතුරු නියෝගයත් සමඟ රාජ්‍ය මාධ්‍ය ආයතනවල සිටින මහින්දගේ හොර ගොබිලන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රි ලංකාවේ ප්‍රජාතනත්‍රවාදය අධිකරණයේ සුරක්ෂිත භාවය ගැන කොළ එළියක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන අනූතුනක් හා තවත් මිලියන තුන්සිය අසූඑකක අලාභයක් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනව එම සමාගමේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අද පත් කර තිබේ

ld add copy

Connet With Us