රජ්ජුරුවන්ගේ මූණේ වැසූ මැස්සා එළවීමට වඳුරා කළේ මැස්සාට කඩුවෙන් කෙටීමය..මැස්සා එළවීම සාර්ථක වූ නමුත් රජු මළේය. මෙවැනි වඳුරු භාවිතාවේ යෙදෙන මාධ්‍යවේදීන් ද මේ රටේ සිටිති. මැස්සා එලවා ආතල් ගන්නා මේ මාධ්‍යවේදීන් බහුතරයක කුලකය වන්නේ ගවේශනාත්මක මාධ්‍යවේදී කුලකයයි. මේ අය පොරවල්ය..

විමල් වීරවංශ විසින් අටවා දුන් රාවනා බලය නම් බෞද්ධාගම්වාදී ත්‍රස්ත සංවිධානයේ ලොක්කා වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් කහකඩධාරී ගොබිලා රාජපක්ෂගේ කිරිපල්ලේ ( පොහොට්‍ටුවේ ) ලැඟගෙන ඉන්නා තිරිසන් ජාතිවාදීන්ගේ ආගම්වාදීන්ගේ ජඩකම එතරම්ද යන්න ඊයේ පෙන්වා සිටියේය.

පාතාලයට සම්බන්ධකම් ඇති මත්ද්‍රව්‍ය ජාවාරමේ ද නිරිත වූ කූ ප්‍රකට පුද්ගලයෙකුගේ පුතෙකු සහ තවත් පාතාල සම්බන්ධකම් සහිත පුද්ගලයන් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ගත් වෑයමක්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමකින් ඊයේ (21) අලුයම් කාලයේදී වළක්වා තිබේ.

බුලත් කොළය කියන්නෙ අපේ ආණ්ඩුවේ කොටසක්. අපි එකට එකතුවෙලා සමඟියෙන් ඒ ගමන යනවා. බුලත් කොළයද පොහොට්ටුවද කියන දේ නෙවෙයි ප්‍රශ්නේ. ජනාධිපතිතුමාගේ පක්ෂය හැටියට ජයග්‍රහණය කළත් අපි දන්නවා හරි දේ කරනවා කියලා. 2015 ජනාධිපතිවරණයේදී දුන්න පොරොන්දු ඉටු වෙනවා.

රජයේ ක්ෂෙත්‍ර නිළධාරීන්ට මැතිවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට මෑතකදී පනවන ලද මැතිවරණ නීතිය නොතකා සමෘද්ධි ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් බොහෝ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා භාරදී ඇති බව හෙළිවේ.

පෙබරවාරි මස 10දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඓතිහාසික මහනුවර නගරයෙන් ආරම්භ කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබෙන බව වාර්තාවේ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයකු බැවින් පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරිපත් වන සියලුම අපේක්‍ෂකයන්ට ඒ මහතාගේ ඡායාරූපද ඇතුළත් කරගෙන ඡන්ද ප්‍රචාරක වැඩ කටයුතු සිදුකරන ලෙස බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (20 දා) ඉල්ලා සිටියේය. 

ශ්‍රීලංකාවේ ප්‍රගතිශීලී කඳවුරේ හෝ වමේ කඳවුරේ හෝ එහෙමත් නැත්න ජාතිකවාදී කඳවුරේ හෝ ආදී නම් වලින් හඳුන්වන බහුතරයක් දේශපාලන පක්ෂ හැමදාමත් කතා කළේ බටහිර අධිරාජ්‍යවාදය ගැනය, යැංකි අධිරාජ්‍යවාදය ගැනය. මේ විජාතික බලවේග මෙරට බිලි ගැනීම ගැන හෝ ගිල ගැනීමට සූදානමින් සිටින බවට අපි ඕනෑවටත් වඩා කතන්දර අසා ඇත්තෙමු ..අදත් මේ අය කියන්නෙ මේ කතන්දරමය.

ld add copy

Connet With Us